මත් ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ ගිය තරුණයන් 15 දෙනෙක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 15 දෙනෙක් සැකපිට හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය රැගෙන එන තරුණයන් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් වටවල දියගල ප්‍රදේශයේදි ඊයේ (12) දවස පුරා සිදු කරන ලද පරික්ෂා කිරිමකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට සමත් වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ කේරල ගංජා සහ හෙරොයින් මත්ද්‍රව්‍යය තිබු බවයි මෙම වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ. සැකකරුවන් අවුරුදු 20 ත් 30 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, සැකකරුවන් කොළඹ ,ගාල්ල, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.
හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් පරිදි සිදු කල මෙම මෙහෙයුමේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියිමිතය.
හැටන් රංජිත් රාජපක්ෂ