Latest News

ජීවිතය බේර ගන්න පුංචි ශාමෙල්ට උපකාර කරන්න

බරපතළ රෝගී තත්ත්වයකට ගොදුරු වී සිටින අවුරුදු එකහාමාරක් වයසැති පුංචි ශමෙල්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය Zolgensma ජාන චිකිත්සක ප්‍රතිකාරය ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මුළු මුදල තවමත් එකතුවී නොමැති බව වාර්තා වනවා.

මෙහිදී ශමෙල්ගේ මව පවසා සිටියේ, දරුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා කාරුණික හදවත් ඇති සියලුදෙනාට තමාට පිහිට වෙන ලෙසයි.

ශමෙල්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන මුළු මුදල තවමත් එකතු වී නැති නොමැති බැවින් අවසාන වශයෙන් මුදල් එකතු කර ගැනීම සඳහා තවත් දින 60ක කාලයක් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කළ බව දරුවාගේ දෙමව්පියන් පවසනවා.

ඒ අනුව මෙම වසරේ මැයි 31 වනදා වන තෙක් ප්‍රතිකාර දීර්ඝ කරගැනීමට වෛද්‍ය අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ශමෙල්ගේ පියා සඳහන් කලේ,

“සමහර අය හිතනවා ඇති ශමෙල් බබාට මාස දෙකක අතිරේක කාලයක් ගන්න පුළුවන් මේ මුදල් ප්‍රමාණය හොයාගන්න කියලා. බබාට හැකි ඉක්මනින් Zolgensma ලබාදෙන්න ඕනේ. ඒත් වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව ශමේල්ට අගෝස්තු වෙනකල් කල්තියෙනවා. ශමෙල් අවුරුදු දෙක වෙන්නේ අගෝස්තුවලදි. ඒ වුණාට අපිට මාසයක් දෙකක් පමණ වෙන්කරන්න වෙනවා අනෙක් පරිපාලන සහ නීතිමය කටයුතු සඳහා මේ Zolgensma සිංගප්පූරුවට ගේන්න. ඒකයි මැයි 31 වන තෙක් පමණක් අපිට කල්දෙන්නේ. අපි හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා ඉතිරි මුදල් ලබාගැනීමට අවශය සහයෝගය, ශක්තිය දක්වන්නට කියලා.” යනුවෙන්.

‍ශමෙල්ගේ ප්‍රතිකාර සඳහා වැය වන මුළු මුදල රුපියල් කෝටි 75ක් වුවත් මේ වන විට එකතු වී ඇත්තේ, රුපියල් කෝටි 50ක මුදලක් පමණයි.

එනම් මුළු මුදලින් 70%ක පමණ බව පවසන ඔවුන් කියා සිටියේ, ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 220ක පමණ හිඟයක් තවමත් ඇති බවයි.

ශමෙල් පිලපිටිය පුංචි පුතුට මේ වනවිට අවුරුදු එක හමාරක් වනවා.

මාස 8ක් පමණ වන තෙක් කිසිදු අසනීප තත්ත්වයක් නොමැතිව හැදී වැඩුණ ශමෙල් එක්වරම කායික වශයෙන් වෙනස් වන්නට පටන් ගෙන තිබෙනවා.

වයස මාස 10ක් වනවිටත් පුංචි ශමෙල් තනිවම ඉඳගැනීමට හෝ උත්සාහ නොකළ බව දෙමාපියන් පවසනවා.

ශමෙල් ට වයස අවුරුද්දක් සම්පූර්ණ වෙද්දී ඔහුගේ කායික ක්‍රියාකාරකම් සියල්ලම පාහේ අඩාළ වී ඇති අතර වෛද්‍ය පරීක්ෂණ රැසකින් පසු තහවුරු වී ඇත්තේ පුංචි ශමෙල් “ස්පයිනල් මස්කියුලර් ඇට්‍රොෆි” යන රෝගයෙන් පෙළෙන බවයි.

මොළයේ නියුරෝන ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා හුස්ම ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය ශාරීරික ක්‍රියාකාරකම් අඩාළ වීම එහිදී සිදුවනවා.

මෑතක් වන තෙක් මෙම රෝගයට ස්ථිර ප්‍රතිකාරයක් නොතිබූ නමුත් පුංචි ශමෙල්ගේ වාසනාවකට මෙම රෝගයට ජාන සැත්කමක් සොයා ගැනීමට බටහිර වෛද්‍යවරුන් දැන් සමත්ව තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය මුදල රැස්කරන්නට සවියක් වී පුංචි ශමෙල්ට යළි ජීවිතය දෙන්න සහාය වන්නැයි මව්පියන් ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මවගේ දුරකථන අංකය – +65 90959847
සියාගේ දුරකථන අංකය – 077 777 6637

පුංචි ශමෙල් ගැන ඔබට තවත් තොරතුරු දැනගැනීමට අවැසි නම් www.hopeforshamel.com යන වෙබ් පිටුවට පිවිසෙන්න.