News

සමනලයෙක් ඇගේ ගෑවීම නිසා දැරියන් 5ක් සහා ගුරුවරියක් රෝහලේ

ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ ඇතිමලේ දහම් පාසලේ දරුවන් පස් දෙනෙකු සහ ගුරුවරියක් සමනලයෙක් ඇගේ ස්පර්ශ වීමෙන් ඇති වූ අසාත්මිකතාවක් නිසා පෙරේදා (12) ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සමනලයා එක් දැරියකගේ මුනේ ස්පර්ශ වී ඇති අතර පසුව එම දැරිය අසල සිටි දැරියන් ටද එම කසානා තත්ත්වය බෝවී ඇත.මෙලෙස රෝහල් ගත කර ඇත්තේ හය ශ්‍රේණියේ දැරියක්,දහය ශ්‍රේණියේ දැරියන් සිවුදෙනකු සහ දහම් පාසල් ගුරුවරියකි.

මේ වන විටත් ඔවුන් ඇතිමලේ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර මෙම තත්ත්වය පිලිබඳ සෞඛ්‍ය අංශ මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

වැල්ලවාය – ජයන්ත වීරසේකර