News

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොලපැලැස්සේ ඉදිවූ ”සිරිසරණගම” උදා ගම්මානය ජනතා අයිතියට

යහපාලන රජය නව ව්‍යවස්ථාවක් ගෙනවිත් රටේ ඒකීයභාවයල බුදු සසුනට ඇති මුල්තැන අහිමි කරන්නට කටයුතු කරනවා යැයි අසත්‍ය ප්‍රකාශ කරමින් විරුද්ධ කණ්ඩායම් අද ව්‍යවස්ථා විරෝධී ගෝනිබිල්ලෙක් මවාපාමින් ජනතාව නොමග යවමින් සිටින බව නිවාසල ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමග රහසේ ගනුදෙනු කරමින් යහපාලන රජය පවත්වාගෙන යන බවට විරුද්ධවාදීන් රටට ප්‍රකාශ කරන බවත්ල රජය දෙමළ ජාතික සන්ධානය සමඟ ගනුදෙනු කරනනේ උතුර – නැගෙනහිර ප්‍රදේශවල අධ්‍යාපනයල සෞඛ්‍යල කෘෂිකර්මල වාරිමාර්ගල මාර්ග යනාදී ක්ෂේත්‍ර වල සංවර්ධනය කටයුතු ක්‍රියාත්මක කිරීමට බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය

උතුර – නැගෙනහිරද අපගේ මාතෘ භූමියේ කොටසක් බැවින් එය සෑම ක්ෂේත්‍රයකින්ම සංවර්ධන කිරීම වැරදි ක්‍රියාවක් දැයි තමන් විරුද්ධවාදීන්ගෙන් ප්‍රශ්න කරන බව පැවසූ අමාත්‍යවරයාල රටේ සෑම ප්‍රදේශයක්ම සංවර්ධනය කිරීම සෑම රජයකම වගකීමක් බැවන් එම වගකීම ඉටු කිරීම අද විරුද්ධවාදීන්ට පෙනෙන්නේ කුණුකොල්ලයට රට පාවාදීමක් ලෙස බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේල අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ ඉදිවූ සිරිසරණගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (13) දින සහභාගී වෙමිණි.

සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 152 වන ආදර්ශ ගම්මානය මෙය වේ

නිවාස 23 කින් සමන්විත සිරිසරණගම” උදාගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 212 කිග පිරිසිදු පානීය ජලයල විදුලියල ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ

” සිරිසරණගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 23 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 69 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 23 ක හිමිකම ලබාදීමල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 500 කට රුපියල් ලක්ෂ 500 ක් වටිනාිවිසිරි නිවාස ණය’පවුල් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනාිසොඳුරු පියස නිවාස ණය’ල දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 200 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීම හා නිවාස සමිතියට පුටු ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

ප්‍රාදේශීය කලාකරුවන් 8 දෙනෙකුට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් රුපියල් 80000 ක් වටිනා වෛද්‍ය ආධාර ලබා දීමද මෙහිදී සිදු කෙරිණි

මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ ප්‍රාදේශීය දේශපාලඥයින් රැසක්ද සහභාගී වූහ