2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 පසුපස ආර මූලික වටයේ තරඟයෙන් ශ්රී ලංකා කණ්ඩායමේ ගංඟා සෙනෙවිරත්න පළමු තැන ලබාගැනීමට සමත් වුණා. ඒ විනාඩි 1යි තත්පර 04.26ක කාලයක් වාර්තා කරමින්.
කෙසේ වෙතත් අදාල තරඟ ඉසව්වේ තරඟ නිමි කාලය මත ඇය අවසන් 16 දෙනා අතරට තේරී පත් වීමට අපොහොසත් වුණා.