චමරි ජූලි මාසයේත් ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි
අයි.සී.සී ආයතනය විසින් ලබාදෙන මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා වන සම්මානය දෙවන වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම් නායිකා චමරි අතපත්තු දිනාගෙන තිබෙනවා. මීට පෙර ඇය මේ වසරේ මාර්තු මාසයේ දී මෙම සම්මානය දිනාගනු ලැබුවා.
2024 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ ඇය, කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ දක්ෂ නායිකාවක් බවත් අපිට දැකගැනීමට පුලුවන් වුණා.
ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බබළවන ඔබට ධරණී අපේ සුබ පැතුම්!