නවතම ප්‍රවෘත්ති

ලෝක සූපවේදීන්ගේ දිනය අදයි

ලෝක සූපවේදීන්ගේ දිනය අදයි

ලෝක සූපවේදීන්ගේ දිනය (International Chefs Day) සැමරෙන්නේ ලෝකයේ සූපවේදීන්ගේ දායකත්වයට ගරු කිරීම සඳහායි. 2004 දී, ප්‍රකට සූපවේදී Dr. Bill Gallagher විසින් මෙම දිනය ආරම්භ කරන ලදි.

මෙය සැප්තැම්බර් 20 වැනිදා ජාත්‍යන්තර සූපවේදීන්ගේ සංගමය (World Association of Chefs Societies) මඟින් සංවිධානය කරනු ලැබූවේ, සූපවේදීන්ගේ නව නිර්මාණශීලීත්වය සහ කුස්සියේ වෘත්තීය ගෞරවයට , ගෞරව කිරීමටයි.

මෙම දිනය එයට ම සීමා නොවී කුස්සියේ දී හොඳ ගුණාත්මක හා පෝෂණාත්මක ආහාර පිළියෙල කිරීමට, තාරුණ්‍යයට ආහාර පිළිබඳ ගැඹුරු අවබෝධයක් දැනුම්දීමට, සහ ලෝකයේ වෘත්තිමය සූපවේදීන්ගේ ප්‍රතිපාදන පැතිරවීමේ අවස්ථාවක් ලෙසද භාවිතා කෙරේ.

2023 වර්ෂයෙහි මෙහි තේමාව වූයේ “සෞඛ්‍ය සම්පන්න සමාජයක් නිර්මාණය කිරීම”ය.

2024 වසරේ තේමාව වන්නේ ” සූපශාස්ත්‍ර ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වය අගය කිරීමයි.”

උයන පිහන රසට කෑම හදන හැමෝට ම රසවත් සූපවේදීන්ගේ දිනයක් වේවා !

ධරණී රස පැතුම එයයි…….