‘කොටි හඬ’ ගුවන්විදුලියේ ප්‍රධානියාට දෙපාරක් නොහිතා ‘හා’ කිව්වා
මුලතිව් උපන් ශකිලා කුඩාකල පටන් ක්‍රීඩාවට, අධ්‍යාපනයට, කලාවට දක්ෂ තැනැත්තියක වූවාය. ඈ
සා/පෙළ විභාගය උසස් ලෙස සමත් වූවද පියාට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් උසස් පෙළ
අධ්‍යාපනය අතරමග නතර කර ඊළාම් අධිකරණයේ රැකියාවකට යන්නීය. අධිකරණයේ උසස්වීමක් උඩ
යාපනයේ ඊළාම් අධිකරණ මූලස්ථානයේ පුහුණුවට යන ශකිලා රජයේ හෙද පුහුණු පාඨමාලාව සඳහා
යාපනයේ හෙද විදුහලට ඇතුළත් වන්නීය. එල්.ටී.ටී.ඊ. පාලනයේ තිබූ යාපනය අර්ධද්වීපය
අත්පත්කරගැනීම සඳහා යුද හමුදාව ‘රිවිරැස’ මෙහෙයුම ආරම්භ කළේ මේ අතරයි. අද එතැන් සිට…
“යාපනය අර්ධද්වීපය වලිකාමම්, තෙන්මාරච්චි, වඩමාරච්චි කියන කලාප
තුනකින් යුක්තයි. පලාලි හමුදා කඳවුර පිහිටලා තියෙන්නේ වඩමාරච්චි
කලාපයේ. පලාලි හමුදා කඳවුරෙන් එළියට ආපු යුද හමුදාව වැඩි දවසක් යන්න
කලින් වඩමාරච්චි කලාපයම එයාලගේ ග්‍රහණයට ගත්තා. යාපනය නගරය,
එල්.ටී.ටී.ඊ. පරිපාලන මධ්‍යස්ථාන සියල්ල පිහිටලා තිබුණෙ වලිකාමම්
කොටසේ. වඩමාරච්චිය ජයග්‍රහණය කරපු යුද හමුදාව වලිකාමම් කොටසේ
මෙහෙයුම් පටන්ගත්තා” ශකිලා පැවසුවාය.
එල්.ටී.ටී.ඊ.ය වෙතින් යුද හමුදාවට ප්‍රබල විරෝධයක් පැමිණියද යුද හමුදාව විසින් වලිකාමම්
ප්‍රදේශය ද අත්පත් කරගත්තෝය. තෙන්මාරච්චි කලාපයේ බලය පමණක් ඉතිරි වූ එල්.ටී.ටී.ඊ.ය යුද
හමුදාව පැමිණීමට පෙර තෙන්මාරච්චි කලාපයෙන් ද ඉවත්වීමට තීරණය කළෝය. ඔවුන්ට ඒ වනවිට
පසුබැසීමට තිබුණේ යාපනය අර්ධද්වීපයෙන් පහල ප්‍රදේශයේ පිහිටි ‘වන්නි’ ප්‍රදේශයයි.
එල්.ටී.ටී.ඊ.යට අමතරව සාමාන්‍ය වැසියෝ සැලකිය යුතු ප්‍රමාණයක් වන්නි ප්‍රදේශයට ගියහ. එලෙස
ගිය සාමාන්‍ය වැසියන්ගෙන් බහුතරය එල්.ටී.ටී.ඊ. හිතවාදීන් වූහ. එම පිරිස අතර ශකිලා ද වූවාය.
“කිලෝමීටර 30-40ක විතර දුරක් පයින් යන්න තිබුණා. අපි යද්දි අපට
පිටිපස්සෙන් යුද්ධය. ඒ අතර ගුවන් හමුදා ප්‍රහාරක යානා වගේම යුද හමුදා
කාලතුවක්කු ප්‍රහාරත් එල්ල වෙනවා. මේ ප්‍රහාර එල්.ටී.ටී.ඊ. ඉලක්ක කරලා
එල්ල කළත් සාමාන්‍ය වැසියන් යන මාර්ගයටත් වැටිලා ජීවිත හානි සිද්ධ
වුණා. කොහොමහරි උදේ පිටත් වුණ අපි හවස් වෙද්දි කිලාලි කලපුව ළඟට
ආවා. කිලාලි කලපුවේ පටු තීරුවකින් තමයි එල්.ටී.ටී.ඊ. ප්‍රවාහන යාත්‍රා ගමන්
කළේ. මේ දෙපැත්තෙ පුනරීන් හා අලිමංකඩ ප්‍රදේශවල හමුදා ප්‍රහාරක
මධ්‍යස්ථාන ස්ථානගත කරලා තිබුණා. මේ හමුදා ප්‍රහාර මධ්‍යස්ථාන දෙක
අතරින් තමයි එල්.ටී.ටී.ඊ. මුහුදු යාත්‍රා ගමන් කළේ. හමුදාවට පේන නිසා
වැඩිපුරම රෑට තමයි ගමන් කළේ. වෙනදට එල්.ටී.ටී.ඊ. එකෙන් සල්ලි ගත්තත්
ඒ දවස් ටිකේ බෝට්ටුවට සල්ලි ගත්තෙ නැහැ. මාරයගෙ කටින් යනවා වගේ
ඒ ගමනත් ගියා. වන්නි ගොඩබිමට ගියාට පස්සේ අපට යන්න ට්‍රැක්ටර්,
කරත්ත එහෙම තිබුණා. ඒ වෙද්දි මගේ පවුලේ අය පුදුකුඩිරිප්පුවල හිටියේ.
පහුවැනිදා හවස් වෙද්දි පුදුකුඩිරිප්පු ගෙදරට ගියා.”
ශකිලා ඒ වනවිට රජයේ හෙද පුහුණු පාඨමාලාවේ වසර එකහමාරක පුහුණු කාලයක් සම්පූර්ණ කර
තිබිණ. රිවිරැස මෙහෙයුම 1995 ඔක්තෝබර් මස 21 ආරම්භ කරන ලද අතර මෙහෙයුම ජයග්‍රාහී ලෙස
අවසන් කරන ලද්දේ 1996 අප්‍රේල් මාසයේදීය. ඒ වනවිට යාපනය ප්‍රදේශය ජනශුන්‍ය වී තිබුණු අතර
රජයේ පරිපාලන මධ්‍යස්ථානවල කටයුතු සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වී තිබුණි. යාපනයට සාමාන්‍ය
වැසියන් නැවත පදිංචියට පැමිණ පරිපාලන කටයුතු ස්ථාපිත කරන විට තවත් කාලයක් ගතවී තිබුණි.
පුදුකුඩිරිප්පු හි නැවත පදිංචි වූ ශකිලාට ඒ වනවිට හෙදි පුහුණුව අහිමි වී තිබූ අතර ඇය විසින් කළ ඊළාම්
අධිකරණ රැකියාව ද අහිමි වී තිබුණි. ශකිලා ඒ වනවිට මුහුණ දී තිබුණ ගැටලුව වූයේ ජීවන අරගලයට
මුහුණ දෙන්නේ කෙසේද යන්නයි.
“හෙදි පුහුණුවට යන්න ඕන නිසා ඊළාම් අධිකරණයෙන් අස්වුණා. ඊටපස්සේ
මම හොයලා බැලුවා හෙදි පුහුණුවට ආපහු යන්න ක්‍රමයක් තියෙනවාද
කියලා. පුහුණුව අවුරුදු එකහමාරක් අවසන් කරලා හිටියේ. තව අවුරුදු
එකහමාරක් ඉතිරි වෙලා තිබුණා. මම හොයලා බලද්දි සෞඛ්‍ය
අමාත්‍යංශයෙන් දැනුම් දුන්නා යාපනය හෙදි පුහුණුවට තිබුණ උපකරණ නැහැ,
දේශකයෝ නැහැ, ඒ නිසා පුහුණුවේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න
අනුරාධපුර හෙද විදුහලේ පහසුකම් සූදානම් කරලා තියෙනවා එහෙට යන්න
කියලා. මට සිංහල වචනයක්වත් බැහැ. ඒ මදිවට ඊළාම් අධිකරණයේ
රැකියාව කිරීම වගේ ප්‍රශ්නත් තිබුණා. ඒ නිසා අනුරාධපුරයට ගියේ නැහැ.
යාපනයේ හෙදි විදුහලේ 150ක් ඒ වෙද්දි පුහුණුවෙමින් හිටියා. මට මතක
විදියට කීපදෙනෙක්ම පුහුණුව අත්හැරියා.”
කුමන දේ අහිමි වුවද ශකිලාගේ උපතින් ගෙනා කටහඬ නිසා ඇයට නිවේදන හැකියාව පිහිටා තිබිණ.
අවසන ඒ හැකියාව ශකිලාට පිහිට විය.
“පුදුකුඩිරිප්පු කියන්නේ ඒ කාලයේ මුලතිව්වල ප්‍රධාන නගරය. වෙළඳ නගරය
වෙලා තිබුණෙත් එහෙ. ඒ නගරයේ ක්‍රියාත්මක වුණ ගුවන් විදුලි සේවයක්
තිබුණා. එල්.ටී.ටී.ඊ.ය යටතේ ඒක තිබුණෙ. නගරයේ කඩ කාමරයක පාලන
මධ්‍යස්ථානයක් තිබුණා. නගරය පුරා වයර් ඇදලා ඒකට සම්බන්ධ කරපු
ස්පීකර් සවි කරලා තිබුණා. ඒ කාලය වෙද්දි උතුරේ විදුලිය නැහැ. බැටරිවල
ලොකු හිඟයක් තිබුණා. බෝම්බ සවි කිරීමේදී බැටරි ප්‍රයෝජනයට ගන්න
නිසා තහනම් කරලා තිබුණෙ. ගොඩක් අය ගුවන්විදුලි ප්‍රවෘත්ති ඇහුවේ
බයිසිකල්වල ඩයිනමෝව ආධාරයෙන්. ඒ වගේ ගොඩක් වෙලාවට ගෙවල්වල
පොඩි අයට තමයි බයිසිකලයේ රෝද කරකවන්න දෙන්නේ. වැඩිහිටියෝ
වැඩසටහන් අහනවා. මේ විදියට හරි හැමෝටම රේඩියෝ අහන්න බැරි නිසා
නගරයේ ස්පීකර්වලින් විකාශනය කෙරෙන ප්‍රවෘත්ති වගේ වැඩසටහන් අහන්න
ඕනතරම් කට්ටිය ඉන්නවා. ගොඩක් වෙලාවට ප්‍රවෘත්ති යන වෙලාවට
ප්‍රදේශවාසීන් ස්පීකර් ළඟට රැස්වෙලා ප්‍රවෘත්ති අහනවා. විදේශීය ප්‍රවෘත්ති,
කොටිහඬ වගේ. ඒකෙ දෙමළ ප්‍රවෘත්ති විකාශය අපි කළා. ආදායම් හැටියට
වෙළඳ දැන්වීම්, මරණ දැන්වීම් වගේ දේවල් කරලා මුදල් ආදායම් ලැබුවා.
කලින් මුලතිව්වලදි මේ රැකියාව කරපු නිසා අමාරු වුණේ නැහැ.
ඔය අතර දවසක් කොටි හඬ (VOT) ප්‍රධානියා මාව හමුවෙන්න ආවා. එයාගේ
නම ‘ජබාන්’. එයා කීවා ‘ඔයාගේ කටහඬ හොඳයි, හොයලා බැලුවා, වැඩත්
හොඳයි. ඊළාම් ජනමාධ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ වෙන්න පුළුවන්ද?’ කියලා.
දෙපාරක් හිතන්නෙ නැතිව මම හා කිව්වා.”
ලබන සතියට…
සනත් ප්‍රියන්ත