ත්රිපිටකය ලෝක උරුමයක් කරන්න කැබිනට් අනුමැතිය
අතිපාරිශුද්ධ ථෙරවාද ත්රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ථෙරවාද ත්රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය 2019 ජනවාරි මස 05 වන දින ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් ඓතිහාසික මාතලේ අලූවිහාරයේ දී පැවැත්වුණා.
ථෙරවාද ත්රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාවට අද (14) කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි.