නවතම ප්‍රවෘත්ති

දරුවා වෙනුවෙන් දුවපු ඔලිම්පික් ලෝක ශූර රොකට් මමී

ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් එහෙමත් නැත්නම් රොකට් මමී ඇය ගැන නම් ලෝකේ නොදන්න කෙනෙක් නැති තරම්

ඔලිම්පික් මීටර් 100 රන් පදක්කම් ලාභිනිය වන ශෙලීගේ නම මෑතකදි නැවතත් කරළියට පැමිණ තිබෙනවා.

ලෝක මළල ක්‍රීඩා පිටිය මේ කාලයේ දී එතරම් කාර්‍ය බහුල නොවුනත් පසුගිය දවස් වල ඇය තම පුත්‍රයාගේ පාසල් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන ඉසව්වකට එක් වීම නිසා ම මෙලෙස නැවතත් කතා බහට ලක් වෙනවා.

තුන් වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනූ ශෙලී ඈන් දරුවන්ගේ මව්පියන් වෙනුවෙන් පැවැත්වුණ මීටර් 100 ඉසව්වෙන් ඉතාමත් පහසු ජයක් හිමිකරගන්නට සමත් වී තිබෙනවා.

ඇය 2023 අවුරුද්දේදිත් මෙම තරඟ ඉසව්ව වෙනුවෙන් සහභාගී වෙලා ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය හිමිකර ගෙන ඇති අතර මේ ඉසව්වට සහභාගි වෙන දෙමව්පියන්වත්, තරඟ සංවිධායකයන්වත් තහනමක් දාලා නැති හින්දා තමන් තරඟයට මුහුණ දුන්නා කියලයි ශෙලී නම් කියන්නේ.

හැමදේකදිම ගැටලු ප්‍රශ්න හදාගන්න අපේ සමහරුන්ට ශෙලී ඇතුලු මේ සියලු දෙනා බොහොම හොඳ ආදර්ශයක් ලබා දෙනවා .