නවතම ප්‍රවෘත්ති

සින්දූර් මෙහෙයුම සහ කාන්තා නියෝජනය – නව ඉන්දියාවක සංඥාවක්ද?

සින්දූර් මෙහෙයුම සහ කාන්තා නියෝජනය – නව ඉන්දියාවක සංඥාවක්ද?

ලෝකයම අවධානයෙන් බැලූ ඉන්දියාවේ ‘සින්දූර් මෙහෙයුම’ සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවට ඉන්දියානු ආරක්ෂක අංශය නියෝජනය කරමින් සහභාගී වුණේ කාන්තාවන් දෙදෙනෙකි. යුද්ධමය තත්ත්වයක් පිළිබඳව ලෝකයට නිලවශයෙන් දැනුම්දීමේදී, සාමාන්‍යයෙන් අප දකින්නේ ආරක්ෂක අංශවල ප්‍රධානීන් හෝ මාධ්‍ය ප්‍රකාශකයින් වශයෙන් පිරිමි නියෝජනයන්ය. නමුත් මෙවර ඉන්දියාව විසින් ගත් මෙම තීරණය සම්ප්‍රදායන්ට අපූරු විරුද්ධවීමක් ලෙස සැලකිය හැකිය.

මෙවන් තීරණයක් ගැනීමට හේතු දෙකක් අවධානයට ගත හැකියි:
එකක් කාන්තාවන්ට සමතැන නොදෙන සමාජයක මෙවැනි සිදුවීමකදී කාන්තාවන් පෙරට යැවීම සතුරාගේ අභිමානයට බලවත් පහරක් විය හැකිය.
දෙවැන්න ඉන්දියාව වැනි විශාල ජනගහණයක් සහිත රටක, කාන්තාවන්ගේ ආර්ථික සහ දේශපාලන සහභාගීත්වය වර්ධනය කිරීම අතිශය අවශ්‍යය. ඒ සඳහා කාන්තාවන්ට හමුදාව, ආර්ථිකය සහ දේශපාලනයෙහි ඍජු සහභාගීත්වයක් ලබාදීමට ක්‍රියාත්මකවීමක් ලෙස ද මෙය සැලකිය හැකිය.
අරමුණ කෙසේ වෙතත් කාන්තා සෑම අංශයකම නියෝජනය ශක්තිමක් කරනුවස් මෙය, ඉන්දියාව විසින් ගත් ප්‍රගතිගාමී පියවරක් ලෙස දැකිය හැකිය.