News

කොළඹ වරාය නගරයේ මුහුද ගොඩකිරීම අවසන්

කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීම අදින් අවසන් වන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවසුවේ වරාය නගරයේ මීළඟ අදියර ලෙස ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවයි.

වරාය නගරය සඳහා ගොඩකරන ලද භූමි ප්‍රමාණය හෙක්ටයාර් 269ක් පමණ වනවා.

ගොඩකිරිම් අවසන් කර ඇති කොළඹ වරාය නගරයේ නිරික්ෂණය කිරිමේ චාරිකාවක් අද(16) දිනයේ සිදු කිරීමට නියමිතයි.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් චීන තානාපති සහ පෝර්සිටි පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් මේ සඳහා එක්වන බව වාර්තා වනවා.

කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් චීන ජනාධිපති ෂි ජිංපින්ග් සහ එවකට ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් 2014 වසරේ සැප්තැම්බර් මස 16 වන දා ආරම්භ කෙරුණා.