News

උතුරේ රාජ්‍ය ආයතන වල කාන්තා නියෝජනය 50% දක්වා වැඩි කරනවා

උතුරු පළාතේ සියළුම රාජ්‍ය ආයතන සඳහා කාන්තා නියෝජනය සියයට 50 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා පවසයි.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල තෛපොංගල් දින සැමරුම් වැඩසටහනට ඊයේ (15)දින එක්වෙමින් ආණ්ඩුකාරවරයා එලෙස පැවසුවේය.

එහිදි අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසූවේ ලෝකවාසී සියළු දෙනාට බත බුලතින් සරු වූ සුබම සුභ තෛපොංගල් දිනයකට ආසිරි පතන අතර, 2020 වන විට උතුරු පළාතේ සියලුම රාජ්‍ය ආයතන සඳහා කාන්තා නියෝජනය සියයට 50 ක් දක්වා වැඩි කිරීමට බලාපොරොතු වන බවයි.

තෛපොංගල් දින සැමරුමට සමගාමීව ප්‍රදේශයේ දරු දැරියන් සහභාගිවු විචිත්‍රවත් සංස්කෘතිකාංගයන්ගෙන් යුතු පෙරහැරක්ද පැවැත්විණ.

වැඩසටහනට ආණ්ඩුකාර කාර්යාල නිළධාරීන් හා උතුරු පළාත් සභා නිළධාරීන් එක්ව සිටියහ.

වවුනියාව මාධව කුලසූරිය