වත්මන් ජනපතිට ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් පවත්වා තරඟ වදින්නට හැකියි – දිනේෂ්
නැවත වරක් ජනාධිපතිවරණය සඳහා තරඟ වදින්නට වත්මන් ජනපතිවරයාට ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඊයේ (15) පාදුක්ක ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර දකුණු පළාත් සභාව සහ බස්නාහිර පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභා විසුරුවා හැර මාස ගණනක් ගත වුවත් වත්මන් ආණ්ඩුව මැතිවරණ පැවැත්වීම කල් දමමින් සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.