විග්නේශ්වරන් උතුරු පළාත් නව ආණ්ඩුකාර හමුවෙයි
“රාගවන් මහතා වැනි උගත් දමිළ ජාතිකයෙකු උතුරු පළාත් ආණ්ඩුකාරධූරය ලෙස පත්වීම සම්බන්ධයෙන්” තමන් සතුටුවන බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ(16) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් නව ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා හමුවීමෙන් අනතුරුවයි.
රාගවන් මහතා ආණ්ඩුකාර ලෙස පත්වීමෙන් අනතුරුව විග්නේශ්වරන් මහතා පළමුවරට ආණ්ඩුකාරවරයා එහිදි හමුවුණා.
උතුරු පළාත් දමිළ ජනතාවගේ දේශපාන හා සංවර්ධන ගැටළු සම්බන්ධයෙන් දෙපාර්ශව එහිදි සාකච්ජා පැවැත්වු අතර, දෙමළ ජනතාවගේ ගැටළු විසදීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සාකච්ජා පැවැත්වුණා.
රාගවන් මහතා හමුවේ දෙමළ ජනතාවගේ ගැටළු නිරාකරණය කර ගැනීමට අවස්ථාවක් උදාවනු ඇති බව විග්නේශ්වරන් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
උතුරු පළාත් සභාවේ ධූර කාලය පසුගිය ඔක්තෝම්බර් මාසයෙන් අවසන් වු අතර,වර්තමානයේ පළාත් සභාවේ බලතල ආණ්ඩුකාරවරයා වෙත සතු වනවා.
වවුනියාව – මාධව කුලසූරිය