නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගන්නා ඔත්තුකරුවන්ට හා පොලිසියට මුදල් තෑගි
නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට හා ඔත්තුකරුවන්ට විශේෂ මුදල් ත්‍යාග පිරි නැමීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කරයි.
මේ වසරේ ජනවාරි මාසයේ 01 දා සිට මාර්තු 31 දා තෙක් මාස තුනක කාලයක් නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර ඇත.
ගිනි අවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට හා ඔත්තුකරුවන්ට රුපියල් 3000 සිට රුපියල් 60000 දක්වා මුදල් ත්‍යාග පිරි නැමීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.