ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට අල්ලස් දීමට තැත්කළ බව ක්‍රීඩා ඇමති කියයි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට තමන්ට අල්ලස් දීමට තැත්කළ බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.
BBC සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ බවයි.
ක්‍රීඩා අමාත්‍යවරයාට අල්ලස් දීමට පුද්ගලයන් උත්සාහ කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති දූෂිත තත්ත්වයේ බරපතළකම පෙන්නුම් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.