News

එජාපයේ පසුපෙළට දිගින් දිගටම ඇමැතිවරුන්ගෙන් කෙණහිළි

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වී ඇති නොසලකා හැරීම් සම්බන්ධයෙන් යළිත් වතාවක් අගමැති රනිල් වික්‍රමසිංහට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.

දිගින් දිගටම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් තමන්ට නොසලකා හැරීම් කරන බව පසුපෙළ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

අමාත්‍යාංශවලට ගිය පසු හා තමන් ලබා දෙන ලිපියකටවත් ඇමැතිවරුන් නොසලකා හැරීම නිසා දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව ඔහු සඳහන් කළේය.

මෙසේ කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් පක්ෂයේ තනතුරක් දරන ඇමැතිවරයකු හමුවීමට අමාත්‍යාංශයට ගිය පසු පැය එකහමාරකට වැඩි කාලයක් එහි ගේට්ටුවේ රැඳී සිටීමට සිදුව ඇති අතර පසුව එම මන්ත්‍රීවරයා ආරක්ෂක නිලධාරීන්ගේ බාධා මධ්‍යයේ ඇමැතිවරයාගේ කාමරයට කඩා වැදී තිබේ.