ජනාධිපති තනතුරට මම අකමැතියි – වෙල්ගම
ජනාධිපති බලතල සියල්ල පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවත් ජනාධිපති තනතුරට තමා අකමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
මිල්ලනිය, ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළ අතර රට තුළ යම් යම් තැන්වල අවි ආයුධ අතට ගන්න තත්ත්වයක් ඇති වී තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ලක්ෂ 6ක් පමණ ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සිටින බවත්ය.
එමෙන්ම ජනාධිපතිවරයාට කිසි විටෙකත් තමා කැමැති නැති බවත් ජනාධිපතිවරයෙකුට විශාල බලතල අවශ්‍ය නොවන අතර පාර්ලිමේන්තුවට බලය ලබා දිය යුතු බව කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසීය.