News

යුධ හමුදා කැබ් රථයක් පෙරළි දෙදෙනෙකු ජිවිතක්ෂයට

මුලතිව්,තට්ටාමලෙයි ප්‍රදේශයේදී යුධ හමුදා කැබ් රථයක් පෙරළීමෙන් ‍යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අද(21) ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසයි.

මුලතිව් ආරක්ෂක අංශ පැවසූවේ ජනාධිපතිවරයාගේ මුලතිව් සංචාරය වෙත සහභාගීවීමට ගොස් නැවත පැමිණෙමින් තිබු යුධ හමුදා කැබ් රථයක් එලෙස පෙරළී ඇති බවයි. අනතුරින් යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් සාමාජිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ අනතුරින් තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

වවුනියාව -මාධව කුලසූරිය