ඇමති හරින්ට අල්ලස් දෙන්න හැදු ක්‍රිකට් නිලධාරියාව අනිවාර්ය නිවාඩු යවයි
ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියනයක අල්ලසක් ලබාදීමට තැත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරුගේ අනිවාර්ය නිවාඩු යැවීමට පියවරගෙන ඇත.
ක්‍රිකට් ආයතනයේ මේ පිළිබඳ ඉහළම තනතුරක් දරන නිලධාරියෙකු තහවුරු කරමින් පවසා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අනිවාර්ය නිවාඩු යැවූ බව වන අතර මෙම සේවකයාට එරෙහිව මීට පෙරද අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ මෙවැනිම කටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව එම ඉහළ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.