බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දැමේ
බලංගොඩ මූලික රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් එහි දැඩි සත්කාර ඒකකය වසා දමා තිබෙනවා.
වෛද්‍යවරු 9 දෙනෙකු රාජකාරියේ නිරතවූ නමුත් ඉන් තිදෙනෙකු මේ වන විට නිවාඩු ලබා ගෙන ඇති බවයි එහි වෛද්‍ය අධිකාරි ඩී.එම්.සී.දසනායක මහතා සඳහන් කළේ.
ශල්‍යාගාරයේ සහ දැඩි සත්කාර ඒකකයේ කටයුතු සඳහා වෛද්‍යවරුන් 6 දෙනෙකු ප්‍රමාණවත් නොවන බව ද වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කරන්නේ.
දැඩි සත්කාර ඒකකය සඳහා දැනට රෝගීන් භාර නොගන්නා අතර එවැනි රෝගීන් රත්නපුර රෝහල වෙත මාරුකර යවන බවයි වෛද්‍ය අධිකාරි ඩී.එම්.සී. දසනායක මහතා වැඩිදුරටත් පැවසුවේ.