සේනා මර්දනය කිරීමේ පර්යේෂණ සාර්ථකයි
සේනා දළඹුවා මර්දනය සඳහා බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් පර්යේෂණයක් සිදුකර තිබෙනවා.
ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පැවැත් වුණා.
සේනා දළඹුවා බඩ ඉරුඟු හා එළවළු වගාවන්ට පමණක් නොව මෙරට ප්‍රධාන කෘෂි භෝගය වන වී වගාවට ද හානි කරන බව කීට විද්‍යාඥයෝ සොයා ගත්තා. ඒ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන්.
මෙම දළඹුවා බඩ ඉරිඟු වගාව තුළ එක් ආකාරයකටත් වී වගාව තුළ තවත් ආකාරයකටත් ක්‍රියාත්මක වන බවයි කීට විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
ඒ අනුව වී වගාව තුළ මෙම දළඹුවා මර්දනය කිරීම පිළිබඳව බලතගොඩ වී පර්යේෂණ ආයතනය කළ පරීක්ෂණ සාර්ථක වී තිබෙනවා.