News

බ්‍රිතාන්‍ය නියෝජිතයින් පිරිසක් උතුරු පළාත් ආණ්ඩුකාර හමුවෙයි

එක්සත් රාජධානි දකුණු ආසියානු කලාපය භාර සම්බන්ධීකාරක ෆර්ගස් ඕල්ඩ් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා අතර සාකච්ජාවක් ඊයේ (23) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

උතුරු පළාතේ වර්තමාන දේශපාලන තත්වය, සංවර්ධන කටයුතු හා යුද්ධයෙන් අවතැන්ව නැවත පදිංචිවූවන්ගේ තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදි සාකච්ජා පැවැත්වුහ.

බ්‍රිතාන්‍ය ආධාර යටතේ සිදුකරනු ලබන උතුරු පළාතේ ව්‍යාපෘතිවල වර්තමාන තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ජා කළ අතර, උතුරු පළාතේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන්ද එක්සත් රාජධානි නියෝජිතයා විමසනු ලැබීය.

එක්සත් රාජධානි දකුණු ආසියානු කලාපය භාර සම්බන්ධීකාරකවරයාගේ මෙරට සංචාරය අතරතුර සාකච්ජාව පැවැත්වූහ.

සාකච්ජාවන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය නියෝජිතයින් හා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.