News

පලාලි ගුවන් තොටුලේ ධාවන පථය සංවර්ධනයට රු. බිලියන දෙකක්

යාපනයේ පලාලි ගුවන් තොටුලේ ධාවන පථය සංවර්ධනය කිරිම සඳහා රජය රුපියල් බිලියන දෙකක් වෙන් කිරිමට තීරණය කර තිබෙනවා.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව උතුරු පළාත් සංවර්ධන අමාත්‍යංශය විසින් සකස් කර ඇති අතර අනුමැතිය ලබා ගැනීම සදහා ඉදිරිපත් කර තිබෙනවා.

මීට පෙර පැවැති රජය සමයේ එම ගුවන් තොටුපළ නවීකරණය කිරිම සඳහා ඉන්දියාව ඉදිරිපත් වී තිබුණා.

අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන පරිදි ශ්‍රී ලංකා රජය විසින් ධාවන පථය සංවර්ධනය කිරීමට නියමිතයි.

පසුකාලීනව, කලාපීය ගමනාන්තයන්වලට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරිම සඳහා ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරිමට ඉන්දියාවෙන් ආධාර ලබාගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.