News

සේනා ඇඹිලිපිටියටත් යයි

ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපා ඇති සේනා දළඹු උවදුර ඇඹිලිපිටියේ ගොවි බිම් වෙතත් පැතිර ගොස් තිබේ.

ඇඹිලිපිටිය කොළඹගේආර මන්චිවත්ත ප්‍රදේශයේ බඩ ඉරිඟු වගා බිම් රැසක් පුරා මේ වන විටත් සේනා දළඹුවන් ව්‍යාප්ත වී අවසන් අතර සේනා දළඹුවන් ව්‍යාප්ත වූ ගොවි බිම් නිරීක්ෂණ කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇඹිලිපිටිය කාර්යාලයේ කෘෂි නිලධාරීහු ඊයේ සංචාරයක ද නිරත වී ඇත.

එහිදී සේනා දළඹු උවදුරෙන් මුළුමනින්ම විනාශ වූ අක්කර එකහමාරක පමණ බඩ ඉරිඟු හේනක් කෘෂි නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබේ.

සේනා දළඹු වසංගතයට ගොදුරු වූ හේන් කඩිනමින් ගිනි තබා විනාශ කරන ලෙසට කෘෂි නිලධාරීන් එහිදී උපදෙස් ලබා දී තිබේ.