ගෝඨාභය හොද දේශපාලඥයෙක් ද කියලා රට තවම දන්නේ නැහැ – කාවින්ද
පොහොට්ටුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු අද වන විට රටේ ජනතාවට බොරු කියමින් ව්‍යවස්ථාවක් නිර්මාණය කර ඇති බව හැඟවීමට උත්සහ ගන්නා බවත් තවමත් කිසිදු ව්‍යවස්ථාවක් සාදා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මාධ්‍යට ප්‍රකාශ කළේය.
මේ අතර සෑදීමට බලාපොරොත්තු වන ව්‍යවස්ථාව රටට හිතෛෂී ලෙස සකස් කරන බව ඒ මහතා සඳහන් කළේය.
එම ව්‍යවස්ථාව සෑම විටම සියලු ජාතීන් එකතු කර ගත් ව්‍යවස්ථාවක් වන බවත් එහි අවශ්‍යතාව සියලු රාජ්‍ය නායකයින් පැහැදි ලෙස ප්‍රකාශ කර ඇති බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මාධ්‍යවේදීන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වුණොත් ජනාධිපති මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් වනවාද ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය වේලාවට හොඳට දේශපාලනය දන්නා අශ්වයෙක් තරගයට පාවිච්චි කරන බවය.
ගෝඨාභය රාජපක්ෂ මහතා හොඳ නිලධාරියෙක් බව දන්නා බවත් හොඳ දේශපාලඥයෙක් ද යන්න පිළිබඳ රට තවමත් නොදන්න බව ද කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේය.