News

බුද්ධ ශාසන ඇමති ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලයි

සිර දඬුවම් නියම වී ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.

ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබාදෙන ලෙස මහානායක හිමිවරුන්ද මීට පෙර ජනපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියා.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනපතිට ලබාදුන් ලිපිය පහතින්…