වට්ස්ඇප් හා වයිබර් අවුල් කරන ජෑමර් එයි
අන්තර්ජාල පණිවුඩ හුවමාරු ක්රම අතර ජනප්රිය ‘වයිබර්’ හා ‘වට්ස්ඇප්’ තාක්ෂණයට සවන්දිය හැකි උපකරණ ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.
එහිදී ‘වට්ස්ඇප්’ හා ‘වයිබර්’ පණිවුඩ හුවමාරු ක්රමයේ සන්නිවේදනය කඩාකප්පල් කිරීමේ උපකරණ (ජැමර්) මිලදී ගැනීමට නීතිය හා සාමය අමාත්යංශය සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.
යහපාලන ආණ්ඩුව සමයේ අදාළ උපකරණ මිලදී ගැනීමට සැලසුම් කර තිබී ඇති අතර එම ක්රියාවලිය තවදුරටත් සිදුවන බවට තොරතුරු දැන ගන්නට ඇත. වට්ස්ඇප් සහ වයිබර් ඉතා රහසිගත හා තාක්ෂණයෙන් ඉහළ පණිවුඩ හුවමාරු ක්රමයක් ලෙස මෙතෙක් කලක් පැවතුණි.
මධුභාෂණ හේරත්