News

කැබිනට් තීන්දුව කුඩු කරමින් ඌවේ මහ ඇමති සල්ලි ගිලියි

පළාත් ප්‍රධාන ඇමැතිවරුන්ට උපදේශකවරුන් පත් කර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවට කැබිනට් මණ්ඩලය ගත් තීරණය කඩ කරමින් ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් උපදේශකවරුන් හය දෙනකු පත් කර ගෙන රුපියල් මිලියන 4.19ක් ගෙවා ඇති බව විගණනයේදී හෙළිවී ඇත.

එසේ පත් කළ උපදේශකවරුන් ඔවුන් පත් කළ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් නොමැති අය බවට තොරතුරු හෙළිවී ඇත.

මීට අමතරව ඌව පළාත් සභාවේ මහජන නියෝජිතයින් හා දීපව්‍යාප්ත මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද විදේශ අධ්‍යාපන චාරිකාව සඳහා තාවකාලික පදනම මත බඳවා ගත් නිලධාරීන් සිව් දෙනෙක්ද ප්‍රධාන ඇමැතිවරයා සම්බන්ධ කර ගෙන තිබේ.

ඔවුන්ගේ ගුවන් ප්‍රවේශපත්‍ර, වීසා හා අනියම් දීමනා සඳහා සභා අරමුදලින් රුපියල් මිලියන 2.13ක් වැය කර ඇති බවද හෙළි කරගෙන ඇත.