News

රංගෙට, වසන්තට, ලක්ෂ්මන්ට සිඩ්නිට එජාපයේ ඇමැතිකම්

තවත් කැබිනට් නොවන ඇමැතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු පත් කිරීමට අදාළ නම් ජනාධිපති ලේකම් කාර්යාලයට එක්සත් ජාතික පක්ෂය විසින් යවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාලිත රංගේ බණ්ඩාර හා වසන්ත සේනානායකට කැබිනට් නොවන ඇමැති තනතුරුද, ලක්ෂ්මන් විජේමාන්නට හා සිඩ්නි ජයරත්නට නියෝජ්‍ය ඇමැති තනතුරුද ලබා දෙන ලෙසට යෝජනා කර ඇත.

තනි පක්ෂයක් ආණ්ඩුවක් කරගෙන යන විට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති තනතුරු උපරිම 40 ක් දක්වා විය යුතු බවට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන අතර මේ වන විට කැබිනට් නොවන, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 31ක් පත්ව තිබේ.

රංජිත් ගුණවර්ධන