News

ටෙලිකොම් ආදායමෙන් 45% ක් සේවක නඩත්තුවට

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අතිරික්ත සේවකයන් එක්දහස් පන්සියයක් පමණ (1500) සිටින බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව මගින් හෙළිකරගෙන අැත.

ඒ අනුව සමාගම උපයන ආදායමින් සියයට 45 ක් පමණ සේවකයන්ගේ නඩත්තුවට වැයකර ඇති බව හෙළිව තිබේ.

මේ සඳහා පිළියමක් ලෙස රුපියල් බිලියන 01 ක් වැයකර සේවකයන් හාරසියපනහක් (450) පමණ ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති බව කෝප් කමිටුව හමුවේ ටෙලිකොම් සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.

චමින්ද සේනාරත්න