News

ලංවිම සේවකයන් ගෙවිය යුතු බදු මණ්ඩලයෙන්ම ගෙවලා

රාජ්‍ය ආයතනවල සේවකයින් උපයන විට බදු ගෙවිය යුතු බවට 2009 වර්ෂයේ වැටුප් සංශෝධන මගින් තීරණය කර තිබියදී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ උපයන විට බදු එම මණ්ඩලය විසින්ම ගෙවා ඇත. වසර 7ක් තිස්සේ මෙසේ ගෙවීම් කොට තිබේ. මේ නිසා ලංකා විදුලි බල මණ්ඩලයට අතිරේකව රුපියල් ලක්ෂ තිස් දෙදහස් නවසිය හතළිහක (32940) පිරිවැයක් දැරීමට සිදුව ඇත.

2007 දෙසැම්බර් 13 වැනි දිනැති ඇමැති මණ්ඩල තීරණයකට අනුව මෙසේ උපයන විට බදු ගෙවීමට තීරණය වී ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ 2010 සිට 2017 දක්වා එම මුදල් මණ්ඩලයෙන් ගෙවා තිබේ.

ඊට අමතරව අංක 39 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව 2017 වර්ෂයේ පමණක් රුපියල් දහනව ලක්ෂ තුන්සීයක (19300) මුදලක් විවිධ දීමනා ලෙස විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට ගෙවා ඇත. එය සිදුව ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද අනුමැතිය මතය.