කින්නියා සිදුවීමේදී ගඟට පැන අතුරුදන් වූ අනික් තරුණයාගේ සිරුරත් හමුවෙයි
ත්රිකුණාමලය කින්නියා කන්දල්කාඩු ප්රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම අතරතුර මහවැලි ගඟට පැන අතුරුදන්ව සිටි අනෙක් තරුණයාගේ මල සිරුර පොලීසිය විසින් සොයාගෙන ඇත.
මරණකරු වයස අවුරුදු 20ක තරුණයෙකි.
වැලි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් පිරිසක් ඊයේ අත්අඩංගුවට ගැනීමට යාමේදී තුන් දෙනෙකු ගඟට පැන පිහිනා පළායාමට උත්සහ කිරීමේදි දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වූ අතර ඉන් එක් තරුණයෙකුගේ මළ සිරුර ඊයේ පස්වරුවේ සොයා ගැනීමට හැකිවිය.