News

රේගු නිළධාරින් වර්ජනයක

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව කොළඹ වරායේ රේගු නිළධාරින් මේ වනවිට සේවය වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් හදිසියේම එම තනතුරෙන් ඉවත් කර නව පත් කිරීමක් සිදුකර ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති සඳහන් කළ අතර කොළඹ වරායේ මගී සහ අපනයන අංශ හැර අනෙකුත් අංශවල සේවකයින් මෙම වර්ජනයට එක්ව ඇත.