News

වී අලෙවි මණ්ඩලය කෝටි 250ක් පාඩු ලබයි – මිනිස්සුන්ට කන්න තිබුණු වී සත්තුන්ට දීලා

ගොවීන්ගේ 2014/2015 හා 2015 යල කන්නයේ මිලට ගත් වී තොග සත්ත්ව ආහාර බවට සඳහන් කරමින් අලෙවි කිරීමෙන් රුපියල් ලක්ෂ විසිහතර දහස් අටසිය හැත්තෑහතක අලාභයක් වී අලෙවි මණ්ඩලයට සිදුව තිබේ.

නාඩු වී කිලෝවක් රුපියල් 45ක මිලකට ගෙන එම මිලටම අලෙවි කිරීමට හැකියාව තිබියදී කිලෝ ග්‍රෑමයක් රුපියල් 24ක මිලකට අලෙවි කිරීමෙන් එම පාඩුව සිදුව තිබේ.

මෙසේ අලෙවි කළ වී තොග මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු බව හඟවා හොඳ තත්ත්වයේ වී තොග ද සත්ත්ව ආහාරවලට අලෙවි කර ඇති අතර ඒවා මිලට ගෙන ඇත්තේද සත්ත්ව ආහාර සකස් කරන සහල් මෝල් හිමියන් බවට කෝප් කමිටුව අනාවරණය කර ගෙන ඇත.

චමින්ද සේනාරත්න