නීති විරෝධි ලෙස මෙරට රැඳී සිටි 49ක් මතුගමදී අත්අඩංගුවට
නීති විරෝධි ලෙස මෙරට රැඳී සිටි තවත් ඉන්දීය ජාතිකයින් 49 දෙනෙකු මතුගමදී ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මොවුන් පිරිස අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවයි.
පසුගිය 25 වැනි දා හොරණ ඉංගිරිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් 24 දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ.
අත්අඩංගුවට ගත් එම ඉන්දීය ජාතිකයින් 49 දෙනා සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇති අතර ඔවුන්ගේ වීසා කාලය ඉකුත් වී තිබුණා.