News

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය නීතිපති උපදෙස් ලැබුණු වහාම පෙබරවාරි 21 දින පවත්වනවා – හරීන්

2019 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සම්බන්ධව ඉදිරිපත් වූ විරෝධතා පරීක්ෂාකර විමර්ශණය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව අභියාචනා කමිටුවේ නිර්දේශ සහිත වාර්ථාව ඊයේ (06) දින ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා වෙත නිළ වශයෙන් භාර දී ඇත.

අද (07) දින එම නිර්දේශ සහිත කමිටු වාර්තාව නීත්‍යානුකූලව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නීති උපදෙස් පතා නීතිපතිවරයා වෙත යොමු කරන ලද අතර නීතිපති උපදෙස් ලැබුණු වහාම ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019/2021 නිළවරණය පෙබරවාරි 21 දින පැවැත්වීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකරන බව ගරු අමාත්‍යවරයා සඳහන් කළේය.