පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කළ 09 දෙනෙකුට මරණ දඬුවම
පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ 09 දෙනෙකුට හලාවත මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනවිය 08 වැනිදා සවස මරණ දණ්ඩය නියම කලාය.
2001 ජූනි මස 24 වැනිදා හෝ ඊට ආසන්න දියනදී නීති විරෝධී ජනරාශියක්ව එකතුවූ මාරවිල – මූදුකටුව ප්‍රදේශයේ පදිංචිව සිටි එවකට වයස අවුරුදු 27 ක් වන මහ ලේකම්ගේ ලයනල් ප්‍රනාන්දු යන අයව කඩු වලින් සහ පිහි වලින් කපා කොටා ඝාතනය සිදු කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොණු කර තිබුණි.
විත්තිකරුවන්ට එරෙහිව නගා තිබූ චෝදනා පැමිණිල්ල විසින් සනාථ කිරීම හේතුවෙන් මහාධිකරණ විනිසුරුවරිය විසින් ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන ලදි.
මරණ දණ්ඩනය නියම වූ පිරිස අතර එකම පවුලේ සහෝදරයින්ද වේ.හලාවත මහාධිකරණය විසින් එකම දිනක වැඩිම පිරිසකට මරණීය දණ්ඩනය නියම කළ ප්‍රථම අවස්ථාවද මෙය වේ.
ජුඩ් සමන්ත