එ.ජා.ප.ය නව ආසන සංවිධායකවරු 06ක් පත් කරයි – රූකාන්තටත් සංවිධායක ධුරයක්
එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් ආසන සංවිධායකවරුන් 06 දෙනෙකු පත් කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහමන්දිරයේ අද(11) පැවති උත්සවයකදී මෙම නව ආසන සංවිධායක ධුර පිරිනමා ඇති අතර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරනායක ආසන සංවිධායක ලලිත් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ අරනායක ආසන සංවිධායක ලෙසත් පලාත් සභා හිටපු අමාත්‍යවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක තිලිණ බන්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර ආසන සංවිධායක ලෙසත් පත්කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව ආසන සංවිදායක ලෙසත් ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා දඹදෙනිය ආසන සංවිදායක ලෙසත් පත්කර ඇත.
මංජුල බණ්ඩාර මහතා වාරියපොල ආසන සංවිධායක ලෙසත් උදය විජේනායක මහතා හිරියාල ආසන සංවිධායක ලෙසත් පත්කර ඇත.