මධුෂ්ට අයත් වාහන දෙකක් කැළණියෙන් හමුවෙයි
මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ යැයි කියන කාන්තාවකගේ පුංචි අම්මාගේ නිවසේ තිබී මධුෂ්ට අයත් බව කියන වෑන් රියක් හා ජීප් රියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය ගෝනවල නිවසක තිබී මෙම වාහන අත්අඩංගුවට ගෙන ඇති අතර මධුෂ්ගේ අනියම් බිරිඳ බව කියන අයගේ නමට මෙහි එක් වාහනයක් ලියාපදිංචි කර තිබී ඇත.
ඊට අමතරව තවත් වාහනයක් ඇගේ ඥාතියකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට තොරතුරු අනාවරණය කරගත බව පොලිසිය සඳහන් කරයි.