ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති දිවයිනට
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හර්ට්විග් ෂෙෆර් මහතා තෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහුගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වන අතර මෙරට සංවර්ධන ක්‍රමෝපායන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනිම සහ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ සහයෝගය ලබාදිම පිළිබඳ සාකච්ඡා කිරීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණයි.
ශ්‍රී ලංකාව දුප්පත්කම තුරන් කිරීමේ දකුණු ආසියානු කලාපයේ ඉහළම ප්‍රගතියක් අත්කරගෙන ඇති රටක් බව ෂෙෆර් ප්‍රකාශ කර තිබෙනවා.