රු. 5000 නෝට්ටු 140ක් සමඟ ඉන්දීය ජාතිකයෙකු මාට්ටු
ශ්‍රී ලංකාවේ භාවිතා කරන රුපියල් පන් දහසේ නෝට්ටු තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ රාජකාරියේ නියැලී සිටි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 37ක් වන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු ඊයේ(13) දින දහවල් 12.45 ට ඉන්දියාවේ මදුරෙයි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 003 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලේ මෙම රුපියල් ලක්ෂ 07 ක් වටිනා ශ්‍රී ලංකාවේ භාවිතා කරන රුපියල් පන් දහසේ නෝට්ටු 140 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මෙම ශ්‍රී ලංකා රුපියල් තොගය රාජසන්තක කර ඇත.