හොරෙන් රට පනින්න හැදු පුද්ගලයින් 22ක් මාට්ටු
නීතිවිරෝධීව විදේශගත වීමට සූදානමින් සිටි පුද්ගලයින් 22නෙකු සියඹලාණ්ඩුව ප්‍රදේශයේ නවතැන්පොළකදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ජාවාරම මෙහෙය වූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහරාම ,පන්නේගමුවේ ප්‍රදේශයේදී වන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව ඒකාබද්ධව මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.