මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුලූ 31 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ නඩුව අප්‍රේල් 05 යළි කැඳවයි
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුලූ 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්රාහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් මස 5 වන දින යළි කැඳවීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය නියෝග කර ඇත.
හිටපු විනිසුරු සහ ගම්පහ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසින් මෙම සිද්ධියට අදාල නඩුව අද (14) අනුරාධපුර අංක දෙක මහාධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදීඑම නියෝගය ලබා දී ඇත.
නඩුවේ ප්‍රධාන විත්තිකාර උමාර් හබ්තාබ් නැමැත්තා තවදුරටත් අපේ‍්‍රල් මස 5 දක්වා යළි රිමාන්ඩ් කිරීමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කර ඇත.
මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් සේ සලකා විභාග කිරිමට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු මෙන්ම ගම්පහ පළාත් බද සිවිල් අභියාචානා මහාධිකරණයේ වත්මන් විනිසුරු බේමා ස්වර්ණාධිපති මහත්මිය අගවිනිසුරුවරයා විසිනි පත් කර ඇත.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුදර්ශන ද සිල්වා සහ විත්තියේ නීතිඥ මහින්ද ජයවර්ධන යන මහත්වරුන් කල ඉල්ලීමකට අනුව විනිසුරු ස්වර්ණාධිපති මහත්මිය මෙලෙස පත් කරනු ලැබී ඇත.
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුලූ 29 දෙනෙකු අනුරාධපුරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්රාහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා වසර පහකට අධික කාලයක් අඛණ්ඩව රිමාන්ඩ් බාරයේ පසු වන්නේ මෙම නඩුවේ ප්‍රධාන විත්තිකාර උමාර් හබ්තාබි නැමැත්තාය.
ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධි චෝදනා 48 ක් ගොනු කර ඇති අතර එම සියලූ අධි චෝදනාවලට ඔහු නිවැරදිකරු බව පැවසිම නිසා මෙම නඩුව විභාගයට ගැණින.
එමෙන්ම මෙම අපරාධයට අනුබල දුන් බවටත් ඒ සඳහා කුමන්ත්‍රණය කල බවටත් අධිකරණය හමුවේ වරද පිළිගත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරීමේ අංශයේ හිටපු කර්නල්වරයෙකුට වසර විස්සක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් උතුරු මැද පළාත් බද මහාධිකරණයෙන් මීට පෙර නියම කළේය.
මෙම අපරාධයට ආධාර අනුබල දීමේ වරදට වසර දහයක්ද කුමන්ත්‍රණය කිරීමේ වරදට වසර දහයක්ද වශයෙන් වෙන් වෙන්ව මෙම විසි වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම නියම කෙරිණ.
එලෙස මීට පෙර සිර දඬුවම් නියම වුයේ මෙම නඩුවේ දෙවන විත්තිකාර මඩකලපුව චෙන්කලඅඩි පදිංචිකරුවෙකු වන සම්මුගනාදන් සුදාහරන් නැමැති කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරිමේ අංශයේ හිටපු කර්නල්වරයෙකුටය.
මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරුවන් නව දෙනෙකු මීට පෙර අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි අතර ඉන් සැකකරුවන් හත් දෙනෙකු එම චෝදනාවලින් නිදහස් කර මුදා හැරිමට එවකට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිටි වත්මන් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
ඒ එම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරිමට තරම් අවැසි සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කර තිබු ලිඛිත දැනුම් දිමක් සැලකිල්ලට ගනිමිනි.
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු අනුරාධපුරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්රාහාරයකින් ඝාතනය කෙරුනේ 2008 වසරේ ඔක්තෝබර් මස 6 වන දිනය.