මාකඳුරේ මධුෂ් ඇතුළු 31දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගායන ශිල්පි අමල් පෙරේරා සහ ඔහුගේ පුත් ගායන ශිල්පි නදීමාල් පෙරේරා වෙනුවෙන් කඩිනමින් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පවසනවා.
ලබන 28 වනදා දක්වා ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔවුන්ට එරෙහිව එරට මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිය යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක බව ද වෙල්ලප්පිලි මහතා පවසනවා.
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට එරට පොලීසියේ අවසන් වාර්තාව මෙතෙක් නිකුත් කර නොමැති බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු අනෙක් සැකකරුවන් 29 දෙනා ද රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ඩුබායි ආරංචි මාර්ග පවසනවා.
අදාළ පිරිස සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඩුබායි කොන්සර්ජනරාල් කාර්යාලය සහ අබුඩාබිහි පිහිටි තානාපති කාර්යාලය මගින් නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
පසුගිය 4 වැනිදා රාත්‍රියේ කොකේන් මත්ද්‍රව්‍ය ද සමග මෙම පිරිස තරු පංතියේ හෝටලයකදී අත්අඩංගුවට පත්වුණේ එරට පොලීසිය කළ මෙහෙයුමකදීයි.