News

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 54කට සතියක පන්ති තහනමක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 54 දෙනෙකුට සතියක පන්ති තහනමක් පනවා ඇති බවට වාර්තා වනවා.

පීඨයේ නවක සිසුන්ට නවක වධය ලබා දීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ට මෙම පන්ති තහනම පැනවූ බවයි එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවසුවේ.

ඒ අතර සිසුවියන් පිරිසක් ද වනවා.

අදාළ සිසුන් සම්බන්ධයෙන් පීඨාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි රැසක් සලකා බැලීමෙන් අනතුරුව කළ විමර්ශනයකදී ඔවුන් නවක වධය ලබා දීමට සම්බන්ධ බවට ඒ සම්බන්ධ විමර්ශනයට ලක්කළ කමිටුවකදී අනවරණය වූ බව ද මහාචාර්ය සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් සදහන් කළේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංක ගමගේ මහතා සඳහන් කළේ, සිසුන්ගේ පන්ති තහනම් කරමින් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සිසුන් මර්දනය කරන බවයි.