News

පුත්තලමේ හර්තාල් – වෙළෙදසැල් 2000ක් වැසෙයි

පුත්තලම නගරයේ 2000 කට ආසන්න සියලුම වෙළදසැල් වසා දමා අද උදෑසන සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් විවිධ අවශ්‍යතා සදහා පැමිණි පිරිස් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ වන විට ඉදිකරමින් පවතින අරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් 13 දින සිට ‘කළු දිනය’ ලෙස ට නම් කරමින් මෙම විරෝධතාවය පැවැත්වු අතර එහි අවසන් දින වූ 15 දින මෙසේ හර්තාල් ව්‍යාපාරයක් අරඹා තිබෙනවා.

පුත්තලම නගරයේ රාජ්‍ය අංශවල ආයතන කිපයක් හැර සියලුම පෞද්ගලික වෙළඳසැල් , ඖෂධසැල් , ආපන ශාලා , වෙනත් අත්‍යවශ්‍ය , ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථාන සියල්ලක්ම වැසි තිබු ආකාරය දැක ගත හැකි විය.

එසේම නගරය පුරා පොලිස් නිළධාරීන් යොදවමින් ආරක්ෂාව තර කර තිබූ අයුරුද දැක ගත හැකිව තිබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.