News

සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩිම වියදමක් වෙන් කළේ මේ ආණ්ඩුව – අගමැති

අධික ණය බර උගුලකට රට පත්ව තිබියදීත්, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩිම වියදමක් වෙන් කළේ වත්මන් ආණ්ඩුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

යාපනය ශික්ෂණ රෝහලේ පැවති උත්සවයකට එක් වෙමින් ඊයේ(15) අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම සමාන ඉඩප්‍රස්තාවන්, පහසුකම් හා සේවාවන් සැපයීමට පසුගිය අවුරුදු හතර තුළ රජය ක්‍රියා කළ බවත්, ඉදිරියේදී මේ වැඩකටයුතු තව තවත් පුළුල්ව සිදුකරන බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.