සංස්කෘතික අරමුදලේ කෝටි 120ක් දේශපාලන ව්‍යාපෘතියකට
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලේ ලක්ෂ 12,000ක් වැය කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක දහම් පාසල් ගොඩනැගිල්ල බැගින් ඉදිකිරීමට කටයුතු යොදා තිබීමෙන් සංස්කෘතික අරමුදලේ අභිමතාර්ථ උල්ලංඝනය වන බව එහි සේවකයෝ චෝදනා කරති.
පෞරාණික වස්තු ආරක්ෂා කිරීම සඳහා පමණක් එම අරමුදලේ මුදල් භාවිත කිරීමේ හැකියාව තිබියදී නීතිවිරෝධීව සිය දේශපාලන ව්‍යාපෘති සඳහා අරමුදල් යොදවන බව සේවකයෝ චෝදනා කරති.
ඒ අනුව දිග අඩි 60ක් පළල අඩි 20වූ දහම් පාසල් ගොඩනැගිලි 33ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එක් ගොඩනැගිල්ලක් සඳහා රුපියල් ලක්ෂ 37ක් වැයකිරීමට සැලසුම් කර තිබේ. ගොඩනැගිල්ලේ බිත්තිය උස අඩි තුනක් බැඳ ඉතිරි කොටස 2×2 යකඩ දැල් සවි කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 15 – 17ත් අතර මුදලක් වැය වන බව වාර්තා වේ. එසේ තෝරා ගන්නා පන්සල්ද දේශපාලන හිතවත්කම් මත සිදුවන බවටද විහාරාධිපති හිමිවරුන්ගෙන් චෝදනා එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ (සංවර්ධන) සුමේධා මාතොට මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති අතර ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සුදුසු විහාරස්ථාන තෝරා නිර්දේශ කරන බවයි.
චමින්ද සේනාරත්න